ටියුෂන් යනවා කියා පිටවගිය සිසුවියන් කොල්ලාගේ ගෙදර දවස ගත කරලා

අතීත රහසිගත ප්‍රේමය අද කාලයේ ඇත්තේ එළිපිටය. නව පරම්පරාව ඇතැමුන්  ‘රූම් යන්නේ’ ගෙවල් වලටය.
පොතුපිටිය නගරයේ පැවැත්වෙන උපකාරක පන්තියකට සහභාගී වන බවට දෙමාපියන්ට දන්වා නිවෙස්වලින් පිටත්ව ගිය 14 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනෙකු, ඔවුන්ගේ පෙම්වතුන් යැයි සැකකෙරෙන තරුණයන් දෙදෙනෙකු සමග රක්වාන, රඹුක ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී පොතුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුවියන් දෙදෙනා රඹුක ප්‍රදේශයේ විද්‍යාලයක 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන බවට තොරතුරු වාර්තා වන අතර, ඔවුන් සමග අත්අඩංගුවට පත් තරුණයන් පිළිවෙලින් වයස අවුරුදු 18 සහ 23 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය තහවුරු කර තිබේ.

උදෑසන උපකාරක පන්ති සඳහා පිටත්ව ගිය දියණියන් පිළිබඳව එක් දැරියකගේ දෙමාපියන්ට ඇති වූ සැකයක් මත ඔවුන් පොතුපිටිය පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. එම තොරතුරු මත පදනම්ව, එක් තරුණයෙකුට අයත් බව කියන නිවසක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම සිසුවියන් දෙදෙනා සහ තරුණයන් දෙදෙනා එම ස්ථානයේ රැඳී සිටිනු පොලිසිය විසින් සොයාගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ එක් තරුණයෙකුගේ දෙමාපියන් විනෝද චාරිකාවක නිරතවී නිවසින් බැහැරව සිටි අවස්ථාවක මෙම දැරියන් දෙදෙනා එම නිවසට ගෙන්වාගෙන ඇති බවට පොලිස් විමර්ශන මගින් කරුණු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් බාල වයස්කාර දැරියන් දෙදෙනා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත යොමු කර වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත. පුද්ගල අපහරණ චෝදනා යටතේ සැකකාර තරුණයන් දෙදෙනා කලවාන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හැර තිබේ.

පාසල් අධ්‍යාපනය ලබන වියේ පසුවන දරුවන් මෙවැනි නොමනා ක්‍රියාවන් සඳහා යොමුවීම බරපතල සමාජ ගැටලුවක් බව පෙන්වා දෙන පොතුපිටිය පොලිසිය, තම දරුවන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැඩි අවධානයකින් පසුවන ලෙස සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

පොතුපිටිය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක කුමාර නලවංශ මහතාගේ මෙහෙයවීම මත, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් සැරයන් (6591) සේපාලි සහ පොලිස් කොස්තාපල් (9522) දර්ශනී යන නිලධාරිනියන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

 

 

gossiplanka image 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top