අද 1න් පසු රට පුරා වෙන්න යන දේ. එලියට යන්න හිතාගෙන ඉන්නවනම් දැනුවත්වන්න

අද දවසේ ඔබේ සැලසුම් ගැන දෙපාරක් හිතන්න වෙයි වගේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවට අනුව, අද පස්වරු 1.00 න් පස්සේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි වැටෙන්න නියමිතයි.

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත්, වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් ගතියක් පවතින නිසා රිය පැදවීමේදී සැලකිලිමත් වන්න.

වැසි සමඟ ඇති විය හැකි අකුණු සහ තාවකාලික තද සුළං වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

අද හවසට එළියට යනවා නම් කුඩයක් අරන් යන්නත්, අකුණු අනතුරු ගැන විමසිලිමත් වෙන්නත් අමතක කරන්න එපා!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top