Triumph ලංකාව හැර යයි
ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා ප්‍රමුඛ පෙළේ කාන්තා යට ඇඳුම් සන්නාමයක් වූ Triumph නිෂ්පාදනවල ශ්‍රී ලංකාවේ බෙදාහැරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ. මෙම තීරණයට හේතුව ලෙස ඉන්දියාවේ පිහිටි Triumph International India සමාගම විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් බවට තොරතුරු අනාවරණය වී ඇත. දැනට වෙළෙඳපොළෙහි පවතින Triumph නිෂ්පාදන, මීට වසර කිහිපයකට පෙර ආනයනය කරන ලද තොග…
