ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.0ක ප්‍රබල භූ චලනයක් – ලංකාවේ ප්‍රදේශ දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්

ඉන්දුනීසියාවේ අද (04) රික්ටර් මාපකයේ 6.0ක භූ චලනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කරයි.

ඉන් සිදු වූ හානි සම්බන්ධයෙන් මේ දක්වා තක්සේරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති ටාලාවුඩ් දූපතෙහි මෙම භූචලනය වාර්තාවී ඇති බව සඳහන්ය.

ඒ අතර

රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක සඳහා මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත.

අදියර 01 යටතේ විමසිලිමත්බවින් සිටින ලෙස මෙමගින් දන්වා ඇති අතර මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (04) පස්වරු 05.00 සිට හෙට පස්වරු 05.00 දක්වා ක්‍රියාත්මක බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top