ෆේස්බුක් සාදයක් වටලා මත්පැන් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

අහංගම ප්‍රදේශයේ නිසි අවසරයකින් තොරව පැවැත්වූ ෆේස්බුක් සාදයක් අද (05) අලුයම ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් වටලා මත්පැන් සහ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ෆේස්බුක් සාදයේ තිබී බියර් මිලි ලීටර් 38,280ක් සහ දේශීය හා විදේශීය මත්පැන් මිලි ලීටර් 5,750ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සුරාබදු කොමසාරිස් ජනරාල්තුමන්ගේ අලුත් අවුරුදු විශේෂ ග්‍රහණ වැඩසටහනට අනුව දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාරගේ උපදෙස් මත ගාල්ල සුරාබදු අධිකාරී වසන්ත සමරසිංහගේ අධීක්ෂණය යටතේ ගාල්ල සුරාබදු ස්ථානාධිපති එම්. ටී. අරුණ කාන්තගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක චන්න, සුරාබදු කෝප්‍රල්වරුන් වන 1072 මිහිරංග, 1073 රොහාන්, 1133 මිහිරාන්, සුරාබදු නියාමක 1234 දිනුජය සහ සුරාබදු රියදුරු ජිනේන්ද්‍ර යන නිලධාරීන් විසින් අද අළුයම් කාලයේදී මෙම වැටලීම සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top