ඕනෑම යුවතියකගේ ජීවිතයේ සුන්දරම සිහිනයක් වන විවාහ මංගල්‍යය දවස, නිමේෂයකින් අඳුරු කලු තීන්තයකින් වසා දැමූ කෲරතර මෙන්ම ඛේදජනක පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.
තම ජීවිතයේ වැදගත්ම දිනය විනාශ කළේ තමන්ගේම නෑනා බව වටහා ගත් ජෙමා, ක්ෂණිකව ඇගේ කොණ්ඩයෙන් අල්ලා ගැනීමට උත්සාහ කළද ඇන්ටෝනියා එතැනින් පලා යාමට සමත් වූවාය. මුළු සිරුරම කලු තීන්තයෙන් වැසී, කඳුලින් සහ කම්පනයෙන් බිඳ වැටුණද, ජෙමා සිය අධිෂ්ඨානය අත්හැරියේ නැත. කඳුළු පිසදා, වෙනත් ඇඳුමක් ඉල්ලාගෙන හැඳගත් ඇය කෙසේ හෝ තම විවාහය සිදු කළාය. “අපි මේ දවස එනකල් ගොඩක් කල් බලාගෙන හිටියා. යට ඇඳුමෙන් ඉඳගෙන හරි, මූණේ කලු තීන්ත ගාගෙන හරි මම ඒ ගමන යනවා” යනුවෙන් ඇය පසුව පැවසුවේ අපේක්ෂා භංගත්වය හමුවේ නොසැලුණු ධෛර්යයක් පෙන්වමිනි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවනු ලැබූ ඇන්ටෝනියාට මාස දහයක අත්හිටවූ සිරදඬුවමක් සහ පැය 160ක ප්‍රජා සත්කාරක සේවයක නිරත වීමට විනිසුරුවරයා නියම කළේය. “ඔබගේ හැසිරීම නිසා ජෙමාගේ ඒ විශේෂ දවස නපුරු හීනයක් බවට පත්වුණා” යනුවෙන් විනිසුරු ඔලිවර් සැක්ස්බි එහිදී අවධාරණය කළේය. නීතියෙන් දඬුවම් ලැබුණද, දෙදරු මවක සහ මානසික සෞඛ්‍ය සේවිකාවක ලෙස සේවය කළ ජෙමාගේ ජීවිතයට සිදුවූ මානසික හානිය කිසිදා මකා දැමිය නොහැක. මෙම සිදුවීමෙන් පසු දැඩි විශාදයට ලක්ව ඇති ඇය, වසර දෙකකට ආසන්න කාලයක් ගතවීත් තවමත් රැකියාවකට යාමට නොහැකිව පීඩා විඳියි. මාලදිවයිනේ ගත කිරීමට සැලසුම් කර තිබූ ඔවුන්ගේ මධුසමය පවා අවලංගු කිරීමට සිදුවූයේ ඇයගේ මානසික බිඳවැටීම හේතුවෙනි.
“මගේ දරුවන් සහ පවුලේ අය නොහිටින්න මම අදටත් මාව බලාගන්න ඇඳෙන් නැගිටින්නේ නැහැ. මට මගේ ගෞරවය, මගේ පැරණි ජීවිතය සම්පූර්ණයෙන්ම අහිමි වුණා” යැයි ජෙමා පවසන විට, සැබැවින්ම ඒ කලු තීන්තයෙන් වැසී ගියේ සුදු මංගල ගවුමක් පමණක් නොව, එක් අහිංසක කාන්තාවකගේ මුළුමහත් අනාගතයම බව අපට පසක් වේ.


