පොලිසියේ දිනක වැටුප රට නගන්න දෙයි

(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත නගාසිටුවීමට සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැගීම සඳහා ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොලිස් නිලධාරින් විසින් සිය දිනක වැටුපෙන් රුපියල් 9,687,462ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

මේ වන විට අවස්ථා තුනකදී පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දිනක වැටුපෙන් රුපියල් මිලියන 74ට අධික මුදලක් ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර ඇත.

පොලිස්පති පුද්ගලික සහකාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.සී.බමුණුආරච්චි මහතා විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද  (22) පස්වරුවේ පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට පොලිස් ලේකම් කාර්යාලයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උදය කුමාර මහතාද එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top