පා ගමනේ ආ හිමි නමක් රෝගී වෙයි

“ඒහිපස්සිකෝ” සාම පා ගමන සඳහා සහභාගී වෙමින් සිටි ඇමරිකානු භික්ෂූන් වහන්සේ නමක් හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව මාතලේ දිස්ත්‍රික් මහා රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම සාම පා ගමන (22) දින උදෑසන දඹුල්ල නගරයෙන් ආරම්භ වූ අතර මේ සඳහා සහභාගී වූ ඇමරිකානු ජාතික භික්ෂුවක් වයස අවුරුදු (38) වූ එම් ධර්මවර භික්ෂූන් වහන්සේ පා ගමන අතරතුර මාතලේ කෝන්ගහමුල ප්‍රදේශයේදී අපස්මාරය රෝගී තත්ත්වයක් හේතුවෙන් ගිලන් රථයක ආධාරයෙන් මාතලේ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ රෝහල්කාරය මණ්ඩලය රෝගී  භික්ෂුන් වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර සිදුකර ඇත.  එම භික්‍ෂූන් වහන්සේගේ රෝගී තත්ත්වය හේතුවෙන් පා ගමන සඳහා සහභාගී නොවන ලෙස වෛද්‍ය නිර්දේශ ලබාදී ඇති බව මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top