මුළු කැබිනෙට්ටුවම ගෙදර යා යුතුයි

(අංජුල මහික වීරරත්න)

ගල් අඟුරු වංචාවේ වගකීම බාරගෙන මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්විය යුතු බව මහාචාර්ය ජී.එල් පීරිස්  මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය.

බලශක්ති ඇමතිවරයා පමණක් ඉල්ලා අස්වීමෙන් පලක් නැති බව කී පීරිස් මහතා බලශක්ති ඇමති යනු අත කොලුවක් පමණක් බවද පැවසීය. කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

මේ ප්‍රෝඩාකාරී වංචාව පියවරෙන් පියවර ඉදිරියට ගෙනයාමට හැකිවූයේ සමස්ත රජයේම අනුග්‍රහයෙන් බව කී පීරිස් මහතා සමස්ත රජයම මෙහි වගකීම සාමූහිකව බෙදා ගත යුතු බව සඳහන් කළේය.

ඒ නිසා  මුළු කැබිනට් මණ්ඩලයම රටේ නීතියට, සම්ප්‍රදායට, ජනතාවට තියෙන බැඳීමට ගරු කර වහාම ඉල්ලා අස්විය. යුතු යැයිද එය  නොකෙරනවා නම් ඊට එරෙහිව නීති පියවර ගැනීමට අනාගත ආණ්ඩුවක් පැහැදිලිව බැඳී සිටින්නේ යැයි ද ජී.එල්.පීරිස් මහතා කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top