වෙසක් සැමරුම වෙනුවෙන් මැයි 02 නිවාඩුව සංශෝධනය කෙරේ

2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන මැයි 30 වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

අදාළ ගැසට් නිවේදනයට අනුව මැයි 2වැනිදාට යෙදී තිබූ නිවාඩුව, මැයි 31 ලෙසින් සංශෝධනය කර ඇත.

වෙසක් පොහෝය මැයි 1 සහ 2 දෙදිනට යෙදී තිබුණද, මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30වැනිදා සිදුකිරීමට රජය තීන්දු කළේය.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය මෙවර වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2ක් කාලය තුළ පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top