තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඔහුගේ වයස අවුරුදු 09ක්.
තාවි සමරවීර මීට පෙර 11 වන ස්ථානයේ සිටි අතර, එය ජ්‍යෙෂ්ඨ හෝ කනිෂ්ඨ ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානයයි.
වෙනත් පුවත් –
අවුරුදු 7කට පස්සේ මේ ජනවාරියේ වාර්තා තියලා අපේ රට සංචාරකයින්ගෙන් පිරී ගිහින්
මෙතෙක් ඉතිහාසයේ දෙවැනි වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 වසරේ ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ.
2018 වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් පැමිණ තිබුණේ, 238,924ක් වන අතර අතර 2024 වසරේ ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 208,253 කි.
මේ වසරේ ජනවාරි මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි .
එම සංඛ්‍යාව 43,375කි.
ඉන් පසු පිළිවලින් රුසියාව, එංගලන්තය, චීනය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව යන රටවලින් මෙරටට සංචාරකයින් පැමිණ ඇති බව සභාපතිවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දෙන්නේ, එක් සංචාරකයෙක් මෙරටදී දිනකට රුපියල් 40,000ක් පමණ වියදම් කර ඇති බවයි.
පැමිණ ඇති සංචාරකයින්ට ප්‍රමාණවත් ලෙස හෝටල් කාමර ඇති බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.
