අවුරුදු 5ට අඩු ළමයින් ගත්තාම 3,300ක් දරුවන් මිය යනවා. අනෙක් පැත්තෙන් මන්දපෝෂණය, 30%ක් විතර දරුවන් අධි පෝෂණය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බෝ නොවන රෝග අපි කලින් කතා කළේ වැඩිහිටියන්ගේ. දැන් අපිට කතා කරන්න වෙලා තියෙනවා දරුවන්ගේ. අපි දකිනවා අවුරුදු 16-17 දියවැඩියා රෝගීන්. දැන් අපේ මූලික කාර්ය භාරයක් වෙලා තියෙනවා මේ වසරේ මේ සම්බන්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට.
ඊළඟට මේ දරුවන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම, මේ දරුවන් අනතුරුවලින් ආරක්ෂා කිරීමට
අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ පැත්තෙන් බලලා කථිකාවතක් ඇති කිරීමට ඒ තුළින් නිර්දේශ අපේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ලබා දෙන්න.
වෙනත් පුවත් –
අද පාසල්- පන්ති නැතැයි බොරු පුවතක් යවලා
පෙම්වතුන්ගේ දිනය යෙදෙන අද(14) පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයේ යොදාගෙන බොරු පුවතක් සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කොට ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සන හොරට යොදා එම බොරු පුවත ප්‍රචාරය කොට තිබෙන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
එම අසත්‍ය ලිපිය සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙසද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
(අංජුල මහික වීරරත්න)
