සුසාර ට ස්වර්ණවාහිනියේ ලොකු පුටුවක්

ලංකාවේ විශාලතම මාධ්‍ය ජාලය වන ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ධූරය ප්‍රවීණ මාධ්‍යවේදී නීතිඥ සුසාර දිනාල් වෙත පිරිනමා තිබේ.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට රූපවාහිනි නාලිකා හතරක් සහ ගුවන් විදුලි නාලිකා අටක් ඇතුළත් වේ.

ඒවා සමාගම් තුනක් යටතේ පාලනය කරනු ලැබේ. මෙම සමාගම් තුනේම සමූහ විධායක නිලධාරී තනතුර නීතිඥ සුසාර දිනාල් මහතා වෙත පවරා තිබේ.

සුසාර දිනාල් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ස්වර්ණවාහිනියෙනි.

1997 වසරේ මාර්තු මාසයේ ස්වර්ණවාහිනි ආරම්භක කණ්ඩායමත් සමඟ ස්වර්ණවාහිනියට එකතු වු ඔහු 2002 වසර දක්වා අවුරුදු පහක් එහි සේවය කළේය. Live @8 ප්‍රවෘත්ති විකාශය ආරම්භයේ දී පුරෝගාමියෙක් ලෙස එවකට ඔහු ප්‍රකට වී සිටියේය.

නිවේදකයකු ලෙස ස්වර්ණවාහිනියේ වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටි සුසාර 2002 වසරේ දී කැපිටල් මහරාජා සමූහයේ MTV මාධ්‍ය ජාලය සමග එක්විය.

එහි නොයෙකුත් තනතුරු හෙබවූ ඔහු සිරස සුපර්ස්ටාර් ආරම්භ කිරීමේ පරෝගාමියෙකි. මෙන්ම, සිරස ඩාන්සිං ස්ටාර්, සිරස කුමරිය, මෑන් හන්ට්, වැනි පුරෝගාමී රියැලිටි ටීවී වැඩසටහන් ආරම්භ කරමින් මේරටට රියැලිටි වැඩසටහන් හඳුන්වාදීමේ පරෝගාමී කාර්යභාරයක් ඉටුකරන ලදී. පසුකාලීනව වොයිස් ඔෆ් ශ්‍රී ලංකා වැඩසටහනෙහි මූලික කාර්යභාරය ඉටුකරන ලද්දේ ද සුසාර දිනාල් විසිනි.

2006 වසරෙ සිරස නලිකා ප්‍රධානී වූ ඔහු (2018) වසරේ සිට සිරස ටීවි අයත් එම්.ටී.වී. මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top