බීමතින් පාසලට ඇතුළු වූ පොලිස් නිලධාරියා සිසුවියන්ව අපයෝජනය කරන්න තැත් කරලා

මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පාසලකට බීමත්ව සිවිල් ඇඳුමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් පාසල් සිසුවියන්ව වැසිකිළියක් තුළ දී අපයෝජනයට ලක්කිරීමට තැත්කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ අදාළ පොලිස් නිලධාරියා මල්ලාවි පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙක් බවය.

පාසල් ක්‍රීඩා තරග සඳහා පාසල් වේලාවෙන් පසුව රැඳී සිටි පාසල් සිසුවියන්ව මෙලෙස අපයෝජනයට ලක්කිරීමට තැත් කර ඇති අතර, එහි වූ පිරිස පොලිස් නිලධාරියාට පහරදෙන අයුරු ජංගම දුරකථනයක ද සටහන්ව තිබුණි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මල්ලාවිය පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර, අදාළ පොලිස් නිලධාරියාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top