මිද්දෙණිය වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබේ.

එම දරුවා ගාල්ල ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙක්ය.

ඊයේ රාත්‍රී මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදුකළ වෙඩිතැබීමක් අතරතුර මෙම දරුවාටද වෙඩි ප්‍රහාරයක් එල්ලවිය.

වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය අතර, යතුරුපැදියේ ගමන්කළ ඔහුගේ පුතා සහ දියණිය තුවාල ලබා තිබුණි.

අනතුරුව ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය යන රෝහල්වලට ඇතුළත් කළහ.

කෙසේ නමුත් එහිදී දියණිය ද මිය ගියේය.

මිද්දෙණියේ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබේ.

මියගිය පුද්ගලයාගේ බිරිඳ විදෙස් ගතව සිටින අතර ඔහු දරුවන් දෙදෙනා සමග ජීවත්ව ඇති බවට මූලික විමර්ශනෙවලදී අනාවරණය වී ඇත.

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් සය හැවිරිදි දැරියක ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කළ එම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 9 හැවිරිදි තවත් පිරිමි දරුවෙකු මේවනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී ඔහුගේ දියණිය සහ පුත්‍රයාද ඔහු සමග යතුරුපැදියේ ගමන් කර තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඉන් යතුරුපැදියේ ගමන් කළ කුඩා දියණිය සහ පුත්‍රයාද බරපතළ තුවාල ලබා ඇති අතර 6 හැවිරිදි දියණිය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 09 හැවිරිදි පුත්‍රයා මේවනවිට ප්‍රතිකාර ඇඹිලිපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලීසිය පැවසුවේ T56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට මිද්දෙණිය පොලිසීය විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top