පෙම්වතුන්ගේ දිනයේදී සුකේෂ්ගෙන් ජැකලින්ට ජෙට් යානයක්

පෙම්වතුන්ගේ දිනයේදී ඉන්දියාවේ කූප්‍රකට මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර් ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නැන්ඩස්ට පෞද්ගලික ජෙට් යානයක් තෑගි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇය සුකේෂ්ගේ මූල්‍ය වංචා නඩුවේ විත්තිකාරිනියක ද වන අතර, එවකට ඔහුගෙන් අතිසුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු මිල අධික භාණ්ඩ රැසක් තෑගි වශයෙන් ලැබීමෙන් ඔහුගේ නඩුවේ විත්තිකාරිනියක බවට ද පත්වූවාය.

බන්ධනාගාරයේ සිට වරින් වර ජැකලින් වෙත පෙම් හසුන් එවනු ලබන සුකේෂ් මෙවර පෙම්වතුන්ගේ දිනයේදී ඇයට තෑගි කළ පෞද්ගලික ජෙට් යානයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක් බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම ජෙට් යානය තෑගි කරමින් ඔහු විසින් ලිපියක් ද එවා ඇති අතර, මීට පෙර ඇයට තෑගි කළ භාණ්ඩ මෙන් නොව මෙවර තෑගි කරනු ලැබුවේ නියමිත බදු ගෙවා නීත්‍යානුකූලව මිලදී ගත් ජෙට් යානයක් බැවින් කිසිවකුට ඒ පිළිබඳ ප්‍රශ්න කළ නොහැකි බවද ඔහු සිය ලිපියෙහි සඳහන් කර ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top