රනිල් පෞද්ගලික අංශයට සල්ලි හොයන්න විකුණන්න හැදූ අධිවේගී මාර්ගවලින්, දින 4කදී මිලියන 173ක්!

ගතවූ දි 04 තුළ අධිවේගී මාර්ගවලින් ඉපැයූ ආදායම රුපියල් මිලියන 173 ඉක්මවා ගොස් තිබෙනවා.

අලුත් අවුරුදු සමය හේතුවෙන් ගම් බිම් බලා යන ජනතාව වැඩි වශයෙන් අධිවේගී මාර්ගය භාවිත කිරීම මීට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, දින 04 තුළ දී ලක්ෂ 5කට ආසන්න වාහන අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බව සඳහන්.

ඊයේ දිනයේ දී පමණක් වාහන එක්ලක්ෂ 9637ක් ගමන් කර ඇති අතර ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 39ක්.

ඉන් ලබා ඇති ආදායම රුපියල් කෝටි 10කට අධික වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව ආදායම 20%කින් ඉහළ යාමක්.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදී අධිවේගී මාර්ග සහස්යා නම් වූ අධිකාරියකට පවරා, එය පෞද්ගලිකකරණය කිරීම සඳහා සැලසුම් කර තිබුණු අතර, මහජනතාව තවමත් ණය ගෙවන අධිවේගී මාර්ගවලින් මුදල් ඉපැයීමේ අයිතිය පුද්ගලික ව්‍යාපාරිකයන්ට පැවරීමට සැලසුම් කර තිබුණා. කෙසේ වෙතත්, විශාල ණය මුදලක් යට කරමින් ඉදි කළ මෙරට අධිවේගී මාර්ග ශ්‍රී ලංකාව විශාල අර්බුදයක සිර කිරීමට හේතු වී තිබෙන අතර, වියදම් කළ ජාතික ධනයට සාපේක්ෂව අධිවේගී මාර්ග ලාභදායීද යන්න විශාල සංවාදයකට ලක් වූ මාතෘකාවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top