අවුරුදු 17 දී ඇය දුටු ඒ සිහිනය සැබෑවක් වේවිද..? අපේ රටේ නම ලෝකයේම බබලවන්න සූදානම් වෙන ඇය ගැන ඇසෙන කතාව මෙන්න

ඇයගේ පියකරු සිනහව සහ මනා පෞරුෂය ඇයගේ සුන්දරත්වය තවත් වැඩි කරනවා… කවුරුත් මේ තරුණිය දුටු විගස කිව්වේ අන්න ඒ වගේ කතාවක්…

කවුද මේ අනුදි ගුණසේකර, කාලෙකට පස්සේ ඒ සුරූපී තරුණිය ගැන අද ලංකාවේ හැමෝම කතා වෙනවා.. මේ කියන්න යන්නේ අපේ රටේ නම ලෝකයට ගෙන යන ඇය ගැන ඇසෙන කතාවක්.. කවුද මේ අනුදි කියන්නේ..
මෙවර ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ඇය‍යි.. 25 හැවිරිදි ඇය කැළණිය විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධිධාරිනියක්.. අනුදි අනුරාධපුරයේ පදිංචිකාරිණියක් වන අතර, ලෝක රූ රැජිණ කිරුළට හිමිකම් කීමට අවශ්‍ය රූපය, බුද්ධිය සහ මානුෂිය ගුණාංගවලින් සපිරි තරුණියක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්… ඇය සමාජ ක්‍රියාකාරිනියක් ලෙස සමාජයට ඉටු කරන සේවය ඇයගේ ‘සහේලි පදනම’ හොඳින් නිරූපණය කරනවා
ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාවය දුරු කිරීම සඳහා ඇය මෙම පදනම ආරම්භ කොට ඇති අතර එම පදනම මඟින් කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සැලසීම සහ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා
ඇයට මෙම පදනම ආරම්භ කිරීමට මූලික අදහස ලැබී ඇත්තේ, ඇයගේ විශ්වවිද්‍යාලයේ අවසන් වසර නිබන්ධනය සඳහා ශ්‍රී ලංකාවේ විවාහ දුෂණ පිළිබඳව ඇය කරන ලද පර්යේෂණය මඟින් බවයි දැනගන්නට ලැබෙන්නේ…

අනුදිට ලෝක රූ රැජිණ තරඟය සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් ඇති වී තිබෙන්නේ ඇයට වයස අවුරුදු 17 දීයි.. 2017 වර්ෂයේදී ලෝක රූ රැජිණ බවට පත්වූ ඉන්දියාවේ මනුෂි චිලර් ඇයව මෙලෙස ලෝක රූ රැජිණ තරඟයට ඉදිරිපත් වීම සඳහා පෙළඹීමට හේතු වූ බවයි ඇය පවසන්නේ

තළෙලු වර්ණැති පැහැදිලි සමක් මෙන්ම කළු පැහැති දිගු කෙස් කළඹකට හිමිකම් කියන ඇයට ඇත්තේ, සැබෑම ශ්‍රී ලාංකික සුන්දරත්වයක් කියන එක නම් රහසක් නෙවෙයි.. මේ වෙනකොට ඇය 72 වැනි ලෝක රූ රැජිණ කිරුළේ අවසන් මහා තරගය වෙනුවෙන් එක්වී තිබෙනවා.. ඇයට ලක්මාතාව වෙනුවෙන් ඒ කිරුළ දිනාගන්නට වාසනාව ලැබේවායි අපිත් සුබපතනවා…

May be an image of 1 person and smiling

May be an image of 1 person and jewelry

May be an image of 2 people and text that says 'Anudi Gunasekara 8h Introducing Miss Miss World Sri Lanka'

May be an image of ‎1 person, smiling and ‎text that says '‎ទ្ក WORLD SRI 7ס1 09 VISUALVIBESPHOTOCRAPHY VISUAL VIBES PHOTOCRAPHY VISION VIRAL JAYE‎'‎‎

May be an image of 5 people and temple

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top