හැමෝම කතාවෙන අනුදි ගුණසේකර කියන්නේ කවුද ? ඔබ මීට කලින් අහලා නැති නොදත් කතාවක් මෙන්න

මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩිපුරම දකින කෙනෙක් තමයි අනුදි ගුණසේකර.

මෙවර ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ අනුදි.

අනුරපුර පුරවරයේ උපන් 25 හැවිරිදි ඇය කැළණිය විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධිධාරිනියක්.

ඇයගේ මව රූපලාවණ්‍ය ක්ශේත්‍රයට සම්බන්ධව කටයුතු කරන අතර ඇයගේ පියා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරනවා.

ලෝක රූ රැජිණ කිරුළට හිමිකම් කීමට අවශ්‍ය රූපය, බුද්ධිය සහ මානුෂිය ගුණාංගවලින් සපිරි තරුණියක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්.

අනුදිට ලෝක රූ රැජිණ තරඟය සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් ඇති වී තිබෙන්නේ වයස අවුරුදු 17 දී.

2017 වර්ෂයේදී ලෝක රූ රැජිණ බවට පත්වූ ඉන්දියාවේ මනුෂි චිලර් ඇයව මෙලෙස ලෝක රූ රැජිණ තරඟයට ඉදිරිපත් වීම සඳහා පෙළඹීමට හේතු වූ බවයි ඇය පවසන්නේ.

ඉතින් 72 වැනි ලෝක රූ රැජින තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකරට අපි උණුසුම් සුබ පැතුම් එක්කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top