හැමදාමත් ඔය විදිහටම නිදහසේ හිනාවෙලා ඉන්න. මම ඉන්නවා” හිතට දැනෙන ආදරයක් ළඟ නතරවුණු ඇය, ඔහු වෙනුවෙන් ලියූ ඒ සටහන මෙන්න

පිරිමියෙක්ට නිදහසේ නිවෙන්න පුළුවන් උණුහුමක් ලැබෙනවා නම්, ඇත්තටම ඒ දෙන්නාගේ බැඳීම ගොඩක් ශක්තිමත් එකක් කියන එක රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නේ ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ තවත් වසර ගත වෙද්දී, ඇය එක්කළ තවත් ආදරණීය සටහනක් ගැනයි.. දිනේෂ් තරංග වගේම රැන්ඩලා කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක්..

දිනේෂ්ගේ ගායන හැකියාවට වගේම ඔහු තුළ තියන නිහතමානීත්වයටත් ගොඩක් දෙනෙක් කැමැත්තක් දක්වනවා.. ඔන්න ඉතින් මේ ආදරණීය කලාකරුවා ඊයේ ඔහුගේ උපන්දිනය සැමරුවා..

ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ මෙන්න මේ වගේ හරිම ආදරණීය සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.

“මගේ තුරුල්ලේ ගෙවන ඔයාගෙ තවත් උපන්දිනයක්… අවුරුදු පහළොවක් ඔයා මගේ ළඟ.
කියන්න තියෙන දේවල් නම් ඉතින් හැමදාමත් කියනවනේ…. ඒ නිසා මගේ පනෝ, මම ඔයාට කෙටියෙන් මේ විදිහට කියලා නවතින්නම්,
හැමදාමත් ඔය විදිහටම නිදහසේ හිනාවෙලා ඉන්න… මම ඉන්නවා…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top