රසිකයන්ට ඇයගේ නාන වතුරෙන් හඳපු සබන් කැටයක් – තප්පර ගාණකින් සම්පූර්ණයෙන්ම විකිණිලා

නප්‍රිය Euphoria කතා මාලාවෙන් නැඟී ආ තරුවක් වන සිඩ්නි ස්වීනි, Dr. Squatch Soap Co. සමඟ එක්ව නවමු සොයා ගැනීමක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස ඇය ඇයගේ ම ස්නානය කරන විට ලබා ගත් ජලය ද යොදා ගනිමින් ලිමිටඩ් එඩිෂන් සබන් බාර් එකක් වෙළෙඳපළට හඳුන්වා දී තිබේ

Sydney’s bathwater bliss ලෙස නම් කර ඇති මෙම සබන් වල ඇයගේ ස්නාන ජලය අඩංගු බව විදෙස් මාධ්‍ය වල දැන් ලැව් ගින්නක් මෙන් පැතිරී යන පුවතක් වී හමාරය.

@drsquatch දැන්වීමෙන් පසු රසිකයන් ඇගේ නාන වතුර සාම්පල ඉල්ලා සිටීමට පටන් ගත් පසු එම තීරණය ගත් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඇය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ: “ඔබේ රසිකයන් ඔබේ නාන වතුර ඉල්ලන්න පටන් ගත් විට, ඔබට එය නොසලකා හැරිය හැකිය, නැතහොත් එය Dr. Squatch සබන් බාර් එකක් බවට පත් කළ හැකිය,” යනුවෙනි.

සිඩ්නි මුලින්ම Dr. Squatch සමඟ හවුල් වූයේ සන්නාමයේ නැචුරල් බොඩි වොෂ් එකක් ප්‍රවර්ධනය කරන වෙළඳ දැන්වීමකිනි.

මේ වනවිට සබන් බාර් 5,000 ක් පමණක් නිපදවනු ලබන අතර, එය රසිකයින් සඳහා දුර්ලභ දෑ එකතුකරන්නන්ගේ අයිතමයක් බවට පත් වනු ඇත. සබන් ජුනි 6 වන දින, ආචාර්ය ස්කොච්ගේ වෙබ් අඩවිය හරහා පමණක් අලෙවි කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top