ඇයට වගේම ඔහුටත් ඒ ගෞරවය හිමිවිය යුතුමයි – ශ්‍රී ලාංකීය මාතාවට ලෝකයේ තවත් ජයක් ගෙන දුන් ඔහු ගැන ඇසෙන ඒ කතාව මෙන්න

ඊයේ , 23 වන Manhunt International තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් දිනාගන්නවා. මම දන්නා පරිදි මේක ඓතිහාසික ජයහ්‍රහණයක්. මෙම තරඟාවලිය තුළ ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් ඉහළම ජයග්‍රහණය තමයි පියුමාල් අද අත්පත් කරගන්නේ. ශ්‍රී ලංකාව වගේ නොගිනිය හැකි තරම් කුඩා රටක් ජාත්‍යන්තර වේදිකාව මත තබන ඕනෑම සළකුණක් අපිට යෝධ ජයග්‍රහණයක් වෙනකොට පියුමාල් මේ මොහොතේ අපි වෙනුවෙන් තබපු සළකුණ මනින්නවත් බැරි තරම් සද්දන්තයි.

පියුමාල් මේ තරඟාවලියට සහභාගි වෙන බව ඇරෙන්න පියුමාල් ගැන ගොඩක් විස්තර ඇහැ ගැටුණේ නැහැ. ඔහු Digital Swimsuit අංශය ජයග්‍රහණය කළ බව මීට දින කිහිපයකට කලින් දැනගන්න ලැබුණා. ඉන් පසුව අද ඔහු මෙම තරඟාවලියේ දෙවැන්නා බවට පත්වන තුරුත් ඔහු ගැන එතරම්ම කතාබහක් ඇති වුණේ නැහැ. මම හිතන්නේ තවමත් ඔහු ගැන ලොකු කතාබහක් ඇති වෙලත් නැහැ. සමහරවිට ඇති වෙන එකකුත් නැහැ. ඔහු ඇවිදගෙන යමින් හිටිය පාර දිහා නොකඩවා බලාගෙන ඉන්න ඔහුගේ රටට නොහැකි වුණත්, ඔහු නොකඩවා තමන්ගේ පාරේ ඇවිදගෙන ගිහින් තියනවා. අන්තිමේදි ඔහු, තමන් දිහා බලන්න අමතක වෙච්ච රට ජයග්‍රහණයේ පීඨිකාව මතට නග්ගවලා තියනවා.

Piyumal Sithum Pattuwearachchi, අපි ජීවත් වෙන්නේ පඳුරකට පයින් ගැහුවාම ලෝක මට්ටමේ ජයග්‍රහණ බුරුතු පිටින් විසික්වෙන රටක නෙමෙයි. අපි ජීවත් වෙන්නේ වැලි මිරිකලා වතුර ගන්නවා වගේ අමාරුවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කරගන්න රටක. විදේශ චිත්‍රපට දෙබසක් තුළ හදිස්සියේ හෝ ‘ශ්‍රී ලංකාව’ කියන නම අහන්න පෙරුම් පුරන මිනිස්සු ඉන්න රටක. අද ජාත්‍යන්තර වේදිකාවක කියවුණේ අන්න ඒ රටේ නම. ඔයා අද දිනෙව්වේ අන්න ඒ රට.

අපි ඔයාට මුකුත් නොදෙද්දි ඔයා අපිට හැමදේම දුන්නාට ස්තූතියි!

May be an image of 2 people and text

May be an image of 1 person

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top