මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කෙරූ ජයග්‍රාහකයා මෙන්න

මෙරට ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදලට ජයග්‍රහකයෙකු බිහිකිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ (16) සමත්වුණා.

මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන හතලිස් හත්කෝටි හතලිස් පන් ලක්ෂ අනූ නව දහස් හාරසිය විසි දෙකක ත්‍යාග මුදල සහිත ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි.
මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23 ක සුපිරි ත්‍යාගයද දිනාදී වාර්තාවක් තැබුවේ ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.
එම වාර්තාව අද දිනයේදී යලිත් වරක් අලුත් කෙරුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top