ඉෂාරා සෙව්වන්දිගේ ගිණුමකට රුපියල් 50,000ක් බැර කළ අයෙක්ට වෙච්ච දේ

මේ රටම සෙවූ ඉෂාරා සෙව්වන්දී ගැන ලැබුණු අලුත්ම අලුත්ම ආරංචිය.

පාතාල කල්ලි නායකයකු බව කියන ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී නමැත්තියගේ බැංකු ගිණුමකට රුපියල් 50,000/- ක මුදලක් බැර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කෙරුණා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විසින් ඉෂාරා සෙව්වන්දී නමැත්තියගේ බැංකු ගිණුමට මුදල් සම්ප්‍රේෂණය කර ඇති බවයි.

එම ඝාතනය සිදුවූ වකවානුවේ මෙම මුදල් තැන්පත් කිරීම් සිදු කර තිබෙන බවත් සැකකරුගේ ගිණුමට මෙම මුදල් මාර්ගගත ක්‍රමයට තැන්පත් කර තිබෙන බවත් පොලිසිය පැවසුවා.

අදාළ සැකකරුට මෙම මුදල් ලැබුණේ පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බවත් එම විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් පසුගිය සතියේ ජාතික පුවත්පතක් වාර්තා කර සිටියේ පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top