කල් පැන්න ආහාර විකුණා වරද පිලිගනී – සුපිරි වෙලදසැල් ජාලයකට ලොකු දඩයක්

සුපිරි වෙළෙඳසල් ජාලයකට අයත් ශාඛා තුනකට රුපියල් ලක්ෂ දෙක බැගින් රුපියල් ලක්ෂ හයක දඩ නියම වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.

කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කළ දෙමටගොඩ සහ මට්ටක්කුලිය ප්‍රදේශවල ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසල් ජාලයකට අයත් ශාඛා තුනක් සම්බන්ධව එලෙස අධිකරණයෙන් දඩ නියම වී ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.

මේ මාසයේ සිදු කළ වැටලීම් වලදී කේක්, කජු ආශ්‍රිත නිෂ්පාදන වර්ග, කසළ දමන පොලිතින් කවර එලෙස කල් ඉකුත් වූ නිෂ්පාදන ලෙස නිරීක්ෂණය වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් ට පැවැසීය.

එහිදී ඒ සඳහා වරද පිළිගත් අදාළ වෙළෙඳසල් ශාඛා වලට 18 දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේදී දඩ නියම වූ බව ඔහු කීවේය.

මේ අතර සුපිරි වෙළෙඳසල් සහ අනිකුත් වෙළෙඳසල් වැටලීම් වඩාත් පුළුල් කර ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

රවිශාන් ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top