ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න තම සංගමයේ සාමාජිකාවක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, මෙම වෛද්‍යවරිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකාවක්ද නැද්ද කාරණාවට වඩා, කිසි යම් කෙනෙක් මෙම සෞඛ්‍ය පද්ධතිය ඇතුළත රෝගී සත්කාර සේවාවන්වලට අඩපණ වන ආකාරයෙන් කටයුතු කිරීම සහ මුල්‍යමය වංචා චෝදනාවන්ට ලක්වනවා නම් සියලුම දෙනා සම්බන්ධවම අවශ්‍ය පරීක්ෂණ සිදු කරමින් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල නාමය, නිල ලාංඡනය සහ ලිපි ශීර්ෂය සහ සංගමයේ වර්තමාන ලේකම්තුමාගේ අත්සන ව්‍යාජ ලෙස අවභාවිත කරමින් සමාජ ජාලා හරහා බෙදාහැරුණු ව්‍යාජ ලේඛන කිහිපයක් සම්බන්ධයෙන්, පොලිස්පතිතුමාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ඔහු එහිදී කියා සිටියා.
මෙය බරපතල කාරණාවක් සහ නීතිවිරෝධි ක්‍රියාවලියක් බවට පැවසූ චමිල් විජේසිංහ මහතා ඊට වගකිවයුතු පුද්ගලයින් වහාම සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇති බවද සඳහන් කළා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කීර්ති නාමයට අපහාස වන අන්දමින් ව්‍යාජ අන්තර්ගතයන් ඇතුළත් නිර්මාණ කළ පිරිස් සඳහාත් සාවද්‍ය ප්‍රචර පතුරවන කණ්ඩායමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ චමිල් විජේසිංහ මහතා :
“ නීත්‍යානුකූලව ගත්තොත් මැය අපේ සාමාජිකාවක් නෙවෙයි. නමුත් මෙතැනදී ඇය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකාවක්ද නැද්ද කාරණාවට වඩා වැදගත් වෙන්නේ, කවුරුහරි කෙනෙක් මේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ රෝගී සත්කාර සේවාවන්වලට අඩපණ වෙන විදිහට වැඩඩ කරනවනම්, රෝගී සත්කාර සේවාවන් අඩාල වන විදිහට වැඩ කටයුතු කරනවා නම්, මුල්‍යමය වංචා චෝදනාවන්ට ලක්වනවා නම් පැහැදිලිවම අපිම ස්ථාවරය තමයි ඒ හැම කෙනෙක්ක් සම්බන්ධවම අවශ්‍ය පරීක්ෂණ කරලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්න ඕනේ.
ඒ පරීක්ෂණ වලට මැදිහත් වන්න හෝ පරීක්ෂණ සම්බන්ධයෙන් මැදිහත් වෙලා වැඩ කරන්නට හෝ රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සූදානමක් නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පරීක්ෂණ, විනය පරීක්ෂණ මේ සියල්ල වහාම විධිමත්ව කරලා ඒ අවශ්‍ය තීන්දු තීරණ ගන්න, ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්නෙ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට අපි සූදානමක් නැහැ.
මේ සිදුවීම සම්බන්ධයෙන් තියෙන අනිත් ගැටළුව තමයි මේ සිදුවීම පාදක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයේ කීර්ති නාමයට ඉතා බරපතල හානි වන අයුරින් ලිපි ලේඛන ගණනාවක් හුවමාරු වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නාමය ඒ වගේම නිලලාංඡනය ලිපි ශීර්ෂය සහ සංගමයේ වර්තමාන ලේකම්තුමාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතාා කරමින් කූට ලේඛනයක් නිර්මාණය කරලා ඒ ලේඛනය සමාජ මාධ්‍ය හරහා පැතිරෙන ආකාරය අපි දැක්කා.
මේක බරපතල කාරණාවක් සහ පැහැදිලිව නීති විරෝධී ක්‍රියාවලියක්. එනිසා මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට ගරු පොලිස්පතිතුමාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා.
මේ සම්බන්ධයෙන් මීට වගකිව යුත්තන් වහාම සොයාගන්න. වහාම පරීක්ෂණයක් පවත්වලා වගකිවයුත්තන් හෙළි කරන්න සහ ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගය ගන්න කියන කාරණාවත්.ඒ වගේම මීට සමානුපාතිකව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහටත් මේවා නිර්මාණය කරපු පිරිස් වලට සාවද්‍ය ප්‍රචාර පතුරවන කණ්ඩායමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙනුත් අපි සූදානම් වෙලා ඉන්නේ
මේ සමස්ත සිද්ධිය හරහා මේ රටේ වෛද්‍ය ප්‍රජාවට සෞඛ්‍ය ප්‍රජාවට ලැබිල තියෙන පණිවිඩය සම්බන්ධයෙන් යම් ගැටළුවක් මතුවෙලා තියෙනවා. ඒකෙ තියෙන තාක්ෂණික කරුණු කාරණා සම්බන්ධයෙන්.
මේ රටේ ජනතාවට රෝගී සත්කාර සේවාවන්ට තමයි බලපෑමක් වෙන්නේ. අපි දන්නවා සෞඛ්‍ය පද්ධති වල ඖෂධ හිඟයක් තියෙනවා. අමාත්‍යතුමා මේ ගැන පිළිගන්නවා, එතකොට ඖෂධ හිඟය තියෙනකොට යම් විකල්ප විසඳුම් අපිට හොයන්න සිද්ධ වෙනවා.අත්‍යවශ්‍ය ඖෂධයක් නම් ශල්‍යකර්මය අදම සිද්ධ කරන්න ඕන නම් සෞඛ්‍ය අමාත්‍යාංශය මේක ප්‍රසම්පාදනය ක්‍රියාවලිය ඉවර කරලා ගේනකම් මාස ගාණක් බලන් ඉන්න බැරිනම් සමහර අවස්ථාවන්වලදී වෛද්‍යවරුන් විදිහට යම් අවදානමක් අරගෙන හරි රෝගී සත්කාර සේවාවන්වල ඒ අවශ්‍ය ගුණාත්මක රෝගී සත්කාර සේවාවන් අපිට පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. එනිසා මේ අපැහැදිලිතාවය මේ වෛද්‍යවරුන් තුළට ගිහිල්ලා තියෙන පණිවිඩය එච්චර සුබදායී තත්ත්වයක් විදිහට අපි දකින්නේ නැහැ.
