‘නමින් හඳුනනවාට වඩා ප්‍රමුදි කරුණාරත්නව කාටත් අදටත් හුරුපුරුදු ”පුංචි පැංචි” කිව්වාම.
ඒ තරමට එකල ඈට ආදරේ කළ පිරිස අදටත් ඒ වගේමයි.
ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම උන් ඇය විවාහ දිවියට පිවිස අනතුරුව, කලා ක්ෂේත්‍රය තුළ දකින්නට ලැබුණේ නැහැ.
නමුත් සමාජ මාධ්‍ය තුළින් නම් නිතර ඇයව ඇස ගැටෙනවා.
තාමත් පුංචි පැංචි කියලා කිව්වට මොකද ඇයට දැන් පැංචියෝම තුන්දෙනෙක් ඉන්නවා.
හැබැයි එහෙම දරුවො තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා කියන්න බැරි තරම් ඈ තාම හුරුබුහුටියි.
ප්‍රමුදිගේ කැදැල්ලට අලුත් අමුත්තා ආවේ මෑතකදී.
එහෙම මෑතකදී ආව අලුත් අමුත්තාටත්, ප්‍රමුදි අපූරු පරම්පරා තෑග්ගක් තිළිණ කරලා තිබුණා.
ඒත් එක්කම බෙදාගත් ආදරණීය කතාවයි මේ….
”අද ඇය අවුරුදු 33ක් පැරණි ‘වළලු’ පැළඳ සිටිනවා.
හරියටම මගේ අම්මා අවුරුදු 33කට කලින් මට දුන්නු ඒ වළලුමයි.
ඇය හැම වෙලාවෙම ඒවා ආදරයෙන් ආරක්ෂා කරලා තියාගත්තා, කවදා හරි දවසක මම ඒවා මගේ දූවරුන්ට දේවි කියලා බලාපොරොත්තුවෙන්.
මේ වළලු නිකන්ම නිකන් ‘ආභරණ’ විතරක් නෙවෙයි.
ඒවායෙන් කතන්දර, ආදරය, සහ පරම්පරා ගණනක සිහින ඇගේ පුංචි මැණික් කටු වටා ඔතාගෙන ඉන්නවා.
දැන් ඒවා ආපහු ආරක්ෂා කරගන්න මට වෙලාව ඇවිත්.
ඉතින් කවදා හරි දවසක, මගේ දූවරු තුන්දෙනා ලොකු මහත් වෙලා, එයාලටත් දූවරු ලැබුණාම, අපේ මේ පොඩි ‘
උරුමයේ’ කොටසක් එයාලට දෙන්න මට පුළුවන් වෙයි…”
සටහන සහ ඡායාරූප : Pramudi Karunarathne, instagram ගිණුමෙන්.
