රියානි විජේසිංහ –
රිලවියන් බහුතරයක් දෙනා මේ දිනවල ගැබ්ගෙන ඇති බැවින් ලූපය පැළදීම තවත් ටික කාලයකට ආපස්සට යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගල්ල සඳහන් කරයි.
අල්ලා ගන්නා ලද රිලා ගැහැණු සතුන්ට ලූපය ඇතුළු කිරීමට පෙර ගැබ්ගෙන තිබේද යනන් පිලිබඳව සිදුකරන ස්කෑන් පරික්ෂාවේදී සැලකිය යුතු රිලා ගැහැණු සතුන් සංඛ්‍යාවක් ගැබ්ගෙන ඇති බව තහවුරු කර ගැනීමට හැකිවිනැයි මහාචාර්යවරයා ලංකාසර වෙත අදහස් දක්වමින් පැවසුවේය.
මෙසේ ගැබ් ගෙන ඇති ගැහැණු සතාට විශේෂ සලකුණක් යොදා අත්හරින බවත් ඉන් අනතුරුව නැවත මාස කීපයකින් එම විශේෂ ලාංඡනය යෙදූ සතුන් අල්ලා ලූපය පැළදවීමට කටයුතු කරන බවත් මහාචාර්යවරයා පැවසීය.
ගැබ්ගෙන නොමැති රිලවියන්ගේ කොන්ඩය ඩයිකර, මුහුණේ ටැටු ගැසීම, කණ කොනක් කැපීම, ස්කෑන් පරික්ෂණයක් මගින් හඳුනාගත හැකි කුඩා උපකරණයන් ශරීයට ඇතුළු කිරිම හා කලව ප්‍රදේශයේ අංකයක කෙටීම වැනි සලකුණු තැබිම සිදුකර එම සතුන්ට ලූප් පැළදවා නැවත පරිසරයට මුදා හරින බව දංගොල්ල පැවසුවේය.
