සැගවී සිටින රාජිතගේ දේපල තහනම්?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC), හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම සැඟවී සිටීම හේතුවෙන් ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට අවධානය යොමු කර ඇත.

ඒ සඳහා අවශ්‍ය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට CIABOC විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවලදී ඔහුගේ වාසස්ථාන කිහිපයක් පරීක්ෂා කළද, ඒ මහතා සොයා ගැනීමට නොහැකි වී තිබේ.

අධිකරණය විසින් ඒ මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ද නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top