මධ්‍යම පළාත් පාසල් හොකී අවසන් මහා තරගයේ දී මාතලේ ශාන්ත තෝමස් ක්‍රීඩකයින් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට අමානුෂිකව පහර දීලා

මාතලේ ශාන්ත තෝමස් විදුහල හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර ඊයේ (14) පැවති මධ්‍යම පාලත් පාසල් හොකි තරගාවලියේ අවසාන මහා තරග යේ දී මාතලේ ශාන්ත තෝමස් ක්‍රීඩකයින් විසින් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට අමානුෂික පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

මෙම තරගය පේරාදෙණිය විශ්වවිද්‍යාලයී ක්‍රීඩාංගනයේ දී අද පැවැත්විනි. වාර්තාවන පරිදි මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයින් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට පහර දෙන්නේ ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව විද්‍යාර්ථ පිල සිය පළමු ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුවය.

මෙම පහර දීමට අනුබල දුන් බවට චෝදනා ලැබ ඇත්තේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්යවරයා මෙන්ම පුහුණුකරු ද වන තැනැත්තාය. මාතලේ ශාන්ත තෝමස් කණ්ඩායම විනය ගරුක ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස ගෞරවයට පාත්‍ර වූ ඉතිහාසයක් තිබුණු බවත් මෙවැනි තත්ත්වයක් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් මේ පිළිබඳව කළ විමසීමක දී තරග සංවිධායකවරු ලංකාසරට පැවසූහ.

මේ සිද්ධිය පිළිබඳව ශ්‍රි ලංකා පාසල් හොකී සංගමයට, මධ්‍යම පාලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාට හා ක්‍රිඩා අධ්‍යක්ෂකවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ජය පරාජය දරාගෙන ක්‍රීඩාවක ජීව ගුණය ආරක්ෂා කරගැනීමට නොහැකිනම් පාසල්වල ක්‍රීඩා සඳහා ලබා දෙන ඉඩකඩෙන් සමාජ ප්‍රයෝජනයක් නැති බව මේ පිළිබඳ අදහස් දක්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරියෙක් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top