15ක් බිලි ගත් ඇල්ලේ බසය හොර පාරේ ගිය එකක්

(සුජිත් හේවාජුලිගේ)

පහළොස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරටපත් බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් වූ එකක් බව  ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය

ජාතික ගමනාගමන කොමිෂන් සභාව 2023 වර්ෂයේදී එම  බස් රථය පොදු ප්‍රවාහනය සඳහා  ලියාපදිංචියෙන් ඉවත් කර ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බස් රථය සාමාන්‍යයෙන් නිවසේ භාවිතය සඳහා වෙනස්කම් කර තිබූ වාහනයක් ලෙස හඳුනාගෙන ඇතැයිද  සඳහන් කළේය.

සාමාන්‍යයෙන් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා   කටයුතු කරන්නේ නම්   ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ   ලියාපදිංචි වී අවසර ලබා ගැනීම අත්‍යවශ්‍ය  බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top