යකඩ යකා උදුරා ගත් අහිංසක ජිවිතයක් ගැන ඇසෙන දුක හිතෙන කතාව .

මේ කියන්න යන්නේ තවත් සංවේදී පුවතක්.. 


රඹුක්කන, තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටුණු දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී පිරිමි දරුවෙකු මෙසේ මිය ගොස් ඇති බවයි රඹුක්කන පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක් වූ මැදගම ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මියගිය දරුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක තිස්මල්පොල දුම්රිය ස්ථානය දක්වා ගොස් ඇති අතර දුම්රියෙන් බැසීමේදී මෙම දරුවා පමණක් දුම්රිය වේදිකාවට නොබැස දුම්රිය මාර්ගයට බැසීමේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබෙන බවයි පැවසෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top