මාවනැල්ල තාප්පයක් බඳිමින් සිටි තිදෙනෙකු පස් කන්දකට යටවී මරුට

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙකුගේ ඇඟ මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (29) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර, තාප්පය ඉදිකරමින් සිටි අවස්ථාවේදී ඒ ආසන්නයේ තිබූ පස් බැම්මක් මෙලෙස ඔවුන් මතට කඩා වැටී ඇත. අනතුරෙන් පස් කන්දට යටවූ පුද්ගලයින් මුදාගැනීම සඳහා කඩිනම් මෙහෙයුමක් දියත් කෙරිණි.
මුලින් එක් පුද්ගලයෙකගේ සිරුරක් පමණක් හමුවූ නමුත් පසුව අනෙක් දෙන්නාගේ සිරුරුද හමුවිය.
මෙහෙයුම් අවසානයේ පස් කන්දට යටවී සිටි පුද්ගලයින් තිදෙනාගේම සිරුරු ගොඩගැනීමට හැකිවූ බව වාර්තා වේ.

අනතුරට ලක්වූවන් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.

 

 

gossiplanka image 1

 

 

gossiplanka image 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top