සිසුවාගේ පහරදීමෙන් ගුරුතුමා මොනරාගල මූලික රෝහලට. ලෝක ළමා දිනය දා තවත් ඛේදනීය කතාවක් මෙන්න.

අද සමාජයේ මේ වගේ කණගාටුදායක කතා අහන්න දකින්න ලැබෙන එක ඇත්තටම අභාග්‍ය සම්පන්න පුවතක් වෙලා. අතීතයේ නම් ගුරු – සිසු සම්බන්ධතාව මොන තරම් නම් ශක්තිමත්ද?
ඒත් අද ලෝක ළමාදිනය දවසේම මේ අහන්න දකින්න ලැබෙන සිද්ධි නම් ඇත්තටම කණගාටුදායක පුවතක් කියලා කියන්න පුළුවන්.
මොනරාගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු විසින් සිදුකළ පහරදීමකින් ගුරුවරයෙකු රෝහල්ගත කර තිබෙනවා.
අද උදෑසන 08.00ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර, සිසුවා සන්තකයේ තිබූ දුරකථන චාජරයක් ගුරුවරයාට හසුවීමෙන් අනතුරුව ඊට අදාල දුරකථනය සම්බන්ධයෙන් විමසීමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පහර කෑමට ලක්වූ ගුරුවරයා මේ වනවිට මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර සිසුවා පොලිස් භාරයට ගෙන තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top