සේදී ගැබ් ගැනීම සඳහා වැඩි කාලයක් ගතවීමට හෝ ඇතැම් විට IVF වැනි තාක්ෂණික ක්‍රමවේදවල සහාය ලබා ගැනීමටද අවශ්‍ය විය හැකිය.
එපමණක් නොව, මෙම වයස් කාණ්ඩයේ ගැබිණි මවුවරුන් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි සංකූලතාවලට ගොදුරු වීමේ අවදානම ඉහළ ය. නොමේරූ දරු උපත් හෝ දරුවාට වර්ණදේහ අසාමාන්‍යතා ඇතිවීමේ සම්භාවිතාවද සාපේක්ෂව වැඩි බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙම හේතූන් මත, වෛද්‍යවරුන් මෙම වයසේ ගැබ් ගැනීම් “අධි-අවදානම්” කාණ්ඩයට ඇතුළත් කරනු ලබයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය මිෂෙල් වයි. ඕවන්ස් පෙන්වා දෙන පරිදි, මෙම වයසේදී මවක් වීම අභියෝගාත්මක වුවත්, නූතන වෛද්‍ය පහසුකම් සහ නිසි සැලකිල්ල යටතේ එය කළ නොහැක්කක් නොවේ. ගබ්සා වීම් හෝ මළ දරු උපත් සඳහා වැඩි ඉඩක් පැවතියද, නිසි වෛද්‍ය අධීක්ෂණය සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම තුළින් අවදානම් අවම කරගනිමින් ආරක්ෂිතව මවක් වීමේ හැකියාව පවතී.
(NDTV ඇසුරිනි)





