පෙම්වතියට ගෙනා කුඩය අම්මා ඉහලාගෙන ගිහින් .අන්තිමේට සිදුවුණ දේ .

අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල අනුව විෂයයන් නවයට ඒ සමාර්ථ 9 ක් ලබාගෙන තිබුණු පෙම්වතියට ත්‍යාගයක් ලෙස දීමට තරුණයකු ගෙනත් තිබුණු කුඩයක් මව අධික වර්ෂාපතනයට ඉකුත් දිනක දී ඉහළාගෙන යාමෙන් තරුණයයි මවයි අතර බහින් බස් වීමක් සිදුව ඇතැයි කියන පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙනවා…
වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙහෙමයි …

කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 22 හැවිරිදි තරුණයෙක් මව්පියන් සමග නිවසේ පදිංචිව සිටිනවා …

තරුණයා පාසල් අධ්‍යාපනයෙන් පසුව කෑගල්ල ප්‍රදේශයේ ඇගලු‍ම් ආයතනයක සේවයට බැදී දැනට වසර තුනකට වැඩියි.

මෙම තරුණයා මීට මාස පහකට පමණ ඉහතදී ඇගලු‍ම් ආයතනයේ සේවය කරන හිතවතකුගේ රුවන්වැල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය නිවෙසකට රාත්‍රි සහභාගී වුණා .

අවමංගල්‍ය නිවෙසට ගිය ඇගලු‍ම් ආයතනයේ සේවක සේවිකාවන්ට රාත්‍රී ආහාර පාන සූදානම් කර තිබුණේ අල්ලපු නිවෙසක.

තරුණයා ඇතුළු සෙසු සියලු‍ දෙනා අල්ලපු නිවසේ කෑමට ගිය අවස්ථාවේ දී පිඟන්වලට ලන්ෂීට් කොළ එලමින් සිට ඇත්තේ නිවසේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්.

එදා සිට තරුණයාත් පාසල් ශිෂ්‍යාවන් අතර සබඳකම් ඇතිවී ඉන්පසු ඉඩකඩ ලැබුණු සෑම අවස්ථාවකදීම දුක – සැප අසා කෙටි පණිවුඩ යවා තිබුණා . පාසල් ශිෂ්‍යාව ද තරුණයාට කෙටි පිළිතුරු පණිවුඩයක් එවීමට අමතක නොකළා.

පසුව දෙදෙනා වැඩි කාලයක් යාමට පෙර පෙම්වතුන් බවට පත් වුණා.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය – ශිෂ්‍යාවන්ගේ ප්‍රතිඵල ඉකුත් දා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කෙරුණා. එහිදී පාසල් ශිෂ්‍යාව විෂයන් නවයටම ඒ සමාර්ථ නවයක් ලබාගෙන සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වී සිටියා.

ශිෂ්‍යාව ජයග්‍රහණය සම්බන්ධයෙන් තරුණයාට කෙටි පණිවුඩයක් මගින් දැන්වූවා.

තරුණයා ජයග්‍රහණය වෙනුවෙන් පාසල් පෙම්වතිය සතුටට පත් කිරීමට ත්‍යාගයක් අරන් දීමට තීරණය කළා. තරුණයා ඉකුත් දා වැඩ ඇරී කෑගල්ල නගරයට පැමිණ වෙළෙදසලකින් අලංකාර කුඩයක් මිලට ගෙන අලංකාර බෑගයකට දමා නිවසට රැගෙන පැමිණ කාමරයේ මේසයේ කොනක තැබුවේ ඉඩ ලද අවස්ථාවක පෙම්වතියට පරිත්‍යාග කිරීමේ අරමුණින්.

ඉකුත් දිනක දී මුළු දවස පුරාම කඩින් කඩ වැහි ඇද හැලෙන්නට වුණා. අල්ලපු නිවසේ පදිංචිව සිටින වයෝවෘද්ධ මව බැලීමට යාමට තරුණයාගේ මව පුතාගේ මේසය මත බෑගයක දමා තිබුණු කුඩය ගෙන ඉහලා ගෙන ගියා. ඇය ආපසු පැමිණ වතුර බහින්න යැයි පවසා කුඩය සාලයේ කොනක තැබුවා.

සවස වැඩ ඇරී නිවසට ආ තරුණයා සාලයේ තිබුණු කුඩය දැක උන්හිටිතැන් ද අමතක වුණා. හනික කාමරයට දිව ගොස් මේසය මත තබා තිබුණු බෑගය ගෙන බැලු‍ව ද එහි කුඩය තිබුණේ නෑ. පසුව තරුණයා සිය මවගෙන් කාමරයේ මේසය මත තබා තිබුණු කුඩය ගැන විමසීමක් සිදු කෙරුණා. තමා කුඩය ගෙන මිත්තනිය බැලීමට ගිය බව මව තරුණයා හමුවේ පැවැසුවා.

තරුණයාට කේන්ති ගියා. ‘‘මේසය මත තිබුණු කුඩය ගත්තේ මොකට ද වෙන කුඩ තිබුණේ නැද්ද ”‍ යනුවෙන් තරුණයා දොස් නගන්නට වූ තරුණයා නතර නොකර කෑ ගැසීම හේතුවෙන් කඩෙන් අලු‍ත් කුඩයක් යළි මිල දී ගන්නැයි පවසා මව රුපියල් 2000 ක මුදල් ඒ මොහොතේම මේසය මත තැබුවා.

තරුණයා පසුදාම යළි කුඩයක් මිලට ගෙන ත්‍රිරෝද රථයකින් පෙම්වතියගේ නිවෙස ආසන්නයට ගොස් තෑගි දුන් බවයි වාර්තා වෙන්නේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top