නෙට්ෆ්ලික්ස් නැරඹීම සඳහා වන subscription අවලංගු කරන ලෙසයි පසුගිය අඟහරුවාදා මස්ක් විසින් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ කියා සිටියේ.
මෙම තත්ත්වය කැපී පෙනෙන්නේ, තාක්ෂණයට බර වූ අමෙරිකාවේ නැස්ඩැක් (Nasdaq) දර්ශකය පිට පිට පස්වන දිනටත් ලාභ වාර්තා කරමින් සිටින පසුබිමක නෙට්ෆ්ලික්ස් මෙලෙස පසුබෑමට ලක්වීමයි.
එලෝන් මස්ක් නෙට්ෆ්ලික්ස් සමාගමට එරෙහිව වර්ජනය තවදුරටත් තීව්‍ර කරමින්, තම අනුගාමිකයන්ට “ඔබේ දරුවන්ගේ සෞඛ්‍යය සඳහා නෙට්ෆ්ලික්ස් අවලංගු කරන්න” යැයි පවසා තිබෙනවා.
නෙට්ෆ්ලික්ස්, සංක්‍රාන්ති ලිංගික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යන බවට චෝදනා කරන පෝස්ට් එකක් ද ඔහු බෙදාගෙන තිබුණා.
නෙට්ෆ්ලික්ස් සමාගමේ කොටස් පහත වැටීම ආරම්භ වී ඇත්තේ, Netflix සජීවිකරණ මාලාවක් වන“Dead End: Paranormal Park” හි අධ්‍යක්ෂවරයෙකු වූ හැමිෂ් ස්ටීල් විසින් කර්ක් (Kirk) පිළිබඳ පෝස්ටුවකට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමෙන් පසු, දායකත්වය අවලංගු කරන බව පැවසූ තවත් පරිශීලකයෙකුගේ පෝස්ට් එකකට මස්ක් ප්‍රතිචාර දැක්වීමත් සමඟයි.
ට්‍රම්ප්ගේ දේශපාලන සගයකු වූ, ප්‍රසිද්ධි වේදිකාවකදී වෙඩි වැදීමකින් මියගිය කර්ක්ගේ අභාවය ගැන බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් විසින් ශෝක පළ කරමින් නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩය හැමිෂ් ස්ටීල් විසින් අපහාසාත්මක ලෙස විවේචනය කර තිබීම මේ සියල්ලට මූලික වී තිබෙනවා.
