විදුලි බිල වැඩිවෙයිද ? නැද්ද ? ඒ ගැන ඇසෙන ආරංචිය මෙන්න .

විදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස කළ යෝජනාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය සති දෙකකින් ලබා දෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.


ඒ අනුව එම තීරණය මේ මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ලබා දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි ගාස්තු සංශෝධනය සඳහාවන ක්‍රියාවලියේ මහජන අදහස් විමසීම මේ වනවිට ක්‍රියාත්මකයි.

එහි අවසන් සැසියවන බස්නාහිර පළාතේ අදහස් විමසීම මේ මස 8 වැනිදා පැවැත්වීමෙන් පසු ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගන්නා බවයි එම කොමිසමේ ප්‍රකාශකයා සඳහන් කළේ.

මෙම ගාස්තු සංශෝධනයේදී විදුලිබල පනතට සහ විදුලි ගාස්තු මිල සූත්‍රයට අනුව කටයුතු කෙරෙනු ඇති.
මෙම වසරේ ඔක්තොම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ විදුලිබල මණ්ඩලයේ රුපියල් කෝටි 1769ක හිඟයක් ඇස්තමේන්තු කර ඇති අතර, එය පියවා ගැනීමටයි මෙලෙස සියයට 6.8ක ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කර තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top