කඩියෙක් සපා කෑමෙන් පසු අභිරහස් ලෙස මියගිය සිව් හැවිරිදි උවිඳු

හදිසියේ මෙලොව හැර ගිය සිව් හැවිරිදි උවිඳු නිම්සර දරුවා පිළිබඳව දැඩිගමුව, ලෙනගල, සුහද මාවත ප්‍රදේශයෙන් ශෝකජනක පුවතක් වාර්තා වේ.

උපත ලබා සිව් මසකින් මවගේ සෙනෙහස අහිමි වූ උවිඳු, සිය මිත්තණිය සහ සීයාගේ රැකවරණය යටතේ හැදී වැඩුණි. හෝමාගම, ලෙනගල ප්‍රදේශයේ පැවති සැණකෙළියක් නැරඹීමට යාමට සූදානම්ව සිටි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඔහු මුහුණ දී තිබේ.

නිවසින් පිටවීමට මොහොතකට පෙර කෘමියෙකු සපා කෑ බව දරුවා පවසා ඇති අතර,

අනතුරුව ඔහුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

දරුවා රෝහල්ගතව සිටියදී, “ආච්චි මට සීතලයි, නිදාගන්න ඕනේ” යැයි පැවසූ බව මිත්තණිය සංවේගයෙන් සිහිපත් කරයි. ‘මම මෙහෙම එනවා.එනකොට කඩියෙක් කෑවා, කඩියෙක් කෑවා කිව්වා.කෝයද පුතේ කියලා ඇහුවා.මෙතන මෙතන කෑවේ කිව්වා. මෙතනින් තමයි සතා කෑවේ කිව්වේ.‍’ ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.

මරණයට නිශ්චිත හේතුව තවම අනාවරණය නොවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද හදිසි මරණ පරීක්ෂණයේදී, දරුවාගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස නියෝග කර තිබේ.

 

 

gossiplanka image 2

gossiplanka image 3

gossiplanka image 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top