විදෙස් විශ්ව විද්‍යාලයක කතාබහට තුඩදුන් පර්යේෂණයක් සිදුකළ අපේ ශවීන්ට විශේෂ ඇගයීමක්.

ඔහු ලාංකීය අභිමානය ලෝකය ඉදිරියට ගෙන ආ සිසුවෙක්. 
අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයකින් සුවිශේෂී පර්යේෂණයක් කළ ශ්‍රී ලාංකික සිසුවෙකු ගැන ඇසෙන තවත් විශේෂ කතාවක් ගැනයි මේ කියන්න යන්නේ ඔහු නමින් ශවීන් ද මැල්..

ශවීන්ට හිමිවුණ මේ ජාත්‍යන්තර සම්මානය කුමක්ද? මේ කතාව අන්න ඒ ගැනයි. කැලිෆෝනියාවේ The Master’s University (TMU) හි ජීව විද්‍යා වැඩසටහනේ නවතම උපාධිධාරියෙකු වන ශවීන් ද මැල් මේ වන විට පසුවන්නේ 24 වැනි වියේයි.

ශවීන් විසින් සිදුකරන ලද සුවිශේෂී පර්යේෂණයක් වෙනුවෙන් ඔහුට ජාත්‍යන්තර කීර්තියක් හිමි වී තිබීම ඇත්තෙන්ම සුවිශේෂී දෙයක්.

ග්‍රීන් නැනෝ තාක්ෂණය පිළිබඳ ශවීන් ද මැල් සිදුකරන ලද පර්යේෂණයක් ගැන අද බොහෝ දෙනාගේ අවදානය හිමිව තිබෙනවා. ‘Nature Scientific Reports’ සඟරාව විසින් මේ පිළිබඳව අදාළ කරුණු පළකර තිබුණා.

ඔහුගේ පුරෝගාමී පර්යේෂණය හරිත නැනෝ තාක්ෂණය (Green Nanotechnology) පිළිබඳ වන අතර, මාස හයක දැඩි සමාලෝචන ක්‍රියාවලියකින් (peer review process) පසුව, ඔහුගේ පර්යේෂණය නිල වශයෙන් ජූලි මාසයේදී ප්‍රකාශයට පත්ව තිබුණා.

එහි නව්‍ය විද්‍යාත්මක දායකත්වය හේතුවෙන් එය එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ (NIH – National Institutes of Health) වෙබ් අඩවියේ ද පළ කර තිබීම ඇත්තෙන්ම ශවීන් ලද ජයග්‍රහණයක් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top