මනම්පිටිය නිමල් ජයරත්න –
අද (11) අළුයම විදුලි සැර වද්දා මරා දැමූ තවත් වන අලියෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
මිය ගිය වන අලියා හමුවන්නේ පොළොන්නරුව වැලිකන්ද රුහුණකෙත ගම්මානයේ,ගෙවත්තකින් බව වැලිකන්ද වැලිකන්ද පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ ගෙවත්ත හිමි පුද්ගලයා සමග වන අලියා ඝාතනය කිරීමට යොදා ගත් අනවසර විදුලි රැහැන් කම්බි ඇතුළු උපකරණ වැලිකන්ද වනජීවි නිලධාරීන් විසින් අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහ ම අප කළ විමසීමකදී පැවසීය.
මියගිය වන අලියා අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන උසින් අඩි අටකින් පමණ යුත් සතෙක් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහ අප කළ විමසීමකදී සඳහන් කළේය.
