ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇතියි මහජන උපයෝගීතා කොමිසම පවසයි.
මහජන උපයෝගීතා කොමිසමේ අධ්යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14වන අඟහරුවාදා ප්රකාශය කිරීමට නියමිත බවය.
ප්රතිව්යූවගතකරණ වැඩපිළිවළ නිවැරදි ආකාරයෙන් සිදු කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර සඳහන් කර තිබේ.
