ගාල්ල දිස්ත්‍රික්කයේ පිලාන ප්‍රදේශයේදී නිවසක පිහිටි සෙප්ටික් ටැංකියක් (වැසිකිළි වළක්) පුපුරා යාමේ අවාසනාවන්ත සිදුවීමකින් පුද්ගලයෙක් මරණයට පත්ව තිබේ. හබරාදූව පොලිස් ස්ථානය මෙම තොරතුර තහවුරු කරයි.
වාර්තාවන අන්දමට, මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වන පිලාන, වංචාවල පදිංචි පුද්ගලයෙකි.
මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, මෙම පුද්ගලයා විසින් වායුවක් නිපදවා ගැනීමේ අරමුණින් සෙප්ටික් ටැංකියට කාබයිඩ් වැනි රසායනික ද්‍රව්‍යයක් එක් කිරීමට උත්සාහ කිරීමේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි.
දැඩි ලෙස තුවාල ලැබූ ඔහු වහාම ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ගාල්ල ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, රෝහලට රැගෙන එන විටත් අදාළ පුද්ගලයාගේ ජීවිතය අවසන් වී තිබූ බවයි.
