බිලියන ගණනක් රජයට පාඩු කළ කබ්රාල්ට දින නියම කරයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව සිටින බව දනිමින් ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.84ක මුදලක් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදුකළ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන හා එම්.ඒ. කරුණාරත්න යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුව ගොනුකර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස (17) වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය  (10) පසුගියදා දින නියම කළේය.

නඩුව පසුගියදා (10) දින කොළඹ මහාධිකරණ මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top