කජ්ජාගේ පුත‍්‍රයා පොලිස් භාරයට

ඝාතනයට ලක් වූ ‘කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට විධානගමගේ අරුණ ප්‍රියන්ත කුමාරගේ වැඩිමල් පුත්‍රයා ඊයේ (13) දින කොළඹ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ භාරයට පත් විය.

මෙම ක්‍රියාවලිය ආරම්භ වූයේ මව (මියගිය කජ්ජාගේ බිරිඳ) විසින් තම දරුවා අනාරක්ෂිත තත්ත්වයක පසුවන බවට එම කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් පදනම් කරගනිමිනි.

එම පැමිණිල්ලට අනුව විමර්ශනයක් දියත් කර තිබුණි.

මීට පෙර, එම දහසය හැවිරිදි පුත්‍රයාට කොළඹ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර, ඒ අනුව ඔහු ඊයේ දින සිය සීයා සමඟ එම කාර්යාංශයට පැමිණියේය.

ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු, කාර්යාංශය විසින් දරුවා භාරයට ගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා, දරුවා නුගේගොඩ ළමා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම විමර්ශනය පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක සහභාගීත්වයෙන් සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top