ඇය නිරන්තරයෙන් කෙහෙල්බද්දර පද්මේට තමාට යුරෝපා රටකට යෑමට සිහිනයක් තිබූ බව පවසා ඇති අතර සංජීව ඝාතනයට ඇය කිසිදු මුදලක් අය කර ගෙන නැත්තේ පද්මේ ලබා දුන් යුරෝපා යැවීමේ පොරොන්දුව නිසා බවයි ඇය පවසා ඇත්තේ.
පසුගියදා නේපාලයේදී අත්අඩංගුවට පත් ඉෂාරා සෙව්වන්දි මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින අතර ඇය විසින් ආධාර අනුබල දුන් සංජීව සංජීව ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වන විට අනාවරණ කරමින් සිටිනවා.
තමාගේ එකම සිහිනය වී තිබුණේ යුරෝපා රටකට යෑමට බවත් ඒ සඳහා කෙහෙල්බද්දර පද්මේ ලබාදුන් පොරොන්දුවක් මත සංජීව ඝාතනයට අධාර අනුබල දුන් බවත් ඇය පවසා තිබෙනවා.
කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම කුඩා කළ සිට කරගෙන ගොස් ඇති ඉෂාරා සෙව්වන්දි තම රට සිහිනය සම්බන්ධයෙන් නිරන්තරයෙන් කෙහෙල්බද්දර පද්මේට පවසා තිබුනේ මේ අනුවයි.
මෙලෙස ප්‍රකාශ කරමින් කෙහෙල්බද්දර පද්මේ විසින් ගණේමුල්ල සංජීව ඝාතන සැලසුම සඳහා ඉෂාරා සෙව්වන්දිව හවුල්කරගෙන තිබෙන බවට විමර්ශන වලින් අනාවරණ වී තිබෙනවා.
