මහින්ද මහත්තයා දැක්කම බුදු හාමුදුරුවො දැක්ක වගේ – ජැක්සන්ගේ බිරිද

මහින්ද රාජපක්ෂ මහතා දුටු විට හිතේ තිබුණු බොහෝ ගින්දර නිවී ගිය බවත් බුදුන් දැක්කා හා සමාන සැනසීමක් ඇති වූ බවත් නැසීගිය ප්‍රවීණ කලිකරු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැඳීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

කලාකරුවන් පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී ඇය මෙසේ අදහස් පළ කළාය.

“මේ ගමන මම ආවේ ඉතාම සතුටෙන් සහ මම පුන පුනා බලාගෙන හිටියා කවද්ද මේ ගමනේ එන්නේ කියලා. ඉතින් ඇත්තටම එතුමා කරපු කී දේ අ කරලා කී දේට කරුණු ගුණ සලකන්න තමයි අද මම මෙතෙන්ට ආවේ. ඉතාම සතුටුයි. ඇත්තටම එතුමා දැක්කහම අපේ හිතේ තිබුණු හුඟාක් ගින්දර නිවිලා ගියා වගේ සැනසීමක් ඇති වුණා. හරියට බුදුන් දැක්කා වගේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top