චීනය තුළ පැතිර යමින් පවතින වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදුකර ඉදිරියේදී ප්‍රකාශයක් නිකුත් කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වසංගත රෝග විද්‍යායතනයේ උසස් නිළධාරියෙකු සදහන් කළේ.
කොවිඩ් වසංගතයෙන් වසර පහකට පසු චීනය නව වෛරස් ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බවට අද වාර්තා වුණා.
එච්.එම්.පී.වී ලෙසින් හදුන්වන මෙම වෛරසයේ ද කොවිඩ් රෝග ලක්ෂණ පවතින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
වෛරස තත්ත්වය මේ වන විට චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඇතැම් රෝහල් රෝගීන්ගෙන් පිරී පවතින බව ද සඳහන්.
වෙනත් පුවත් –
කොවිඩ්-19වලට සමාන වෛරසයක් නැවතත් චීනයෙන්
කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ නව වෛරසයක් පැතිර යමින් පවතින බව වාර්තා වෙනවා. උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන එම වෛරසය හදුන්වා දී ඇත්තේ HMPV ලෙසයි.
කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ තවත් වෛරසයක් පැතිර යමින් පවතිනවා. එය හැඳින්වෙන්නේ Human metapneumovirus හේවත් (HMPV) ලෙසයි.
මෙම වෛරසය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වන අතර, රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවත් වාර්තා වනවා.
HMPV වෛරසය උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන බව පැවසෙන අතර එය Covid-19 ට සමාන රෝග ලක්ෂණ ද පෙන්නුම් කෙරෙන බව වාර්තා වනවා. චීනයේ සෞඛ්‍ය නිලධාරීන් මෙම තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය කරන බව ද සදහන්.
