සිය නිවස තුළ පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ ඉන්දීය සුපිරි නළු සයිෆ් අලී ඛාන් මේ වනවිට අවදානම් මට්ටමෙන් මිදී ඇතැයි ඉන්ද්‍යී මාධ්‍ය වාර්තා කරයි.
එරට මාධ්‍ය වාර්තා කළේ ඊයේ (16) අලුයම 2.30ට පමණ සයිෆ් අලී ථාන් හා ඇගේ බිරිඳ වන නිළි කරීනා කපූර්ගේ මුම්බායි හි පිහිටි නිවස කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.
එහිදී නිවසට ඇතුළු වූ කොල්ලකරු සහ සයිෆ් අලී ඛාන් අතර පොරබැඳීමක් ද සිදුව තිබේ.
පසුව සයිෆ් ට තියුණු ආයුධයකින් පහරදුන් සැකකරු එම ස්ථානයෙන් පළා ගොස් ඇත.
තුවාල ලැබු සයිෆ් අලී ඛාන් ප්‍රතිකාර සඳහා මුම්බායි හී රෝහලකට ඇතුළත් කර ඇති අතර පිහි ඇණුම් තුවාල 06ක් පමණ ඔහුගේ සිරුරේ නිරීක්ෂණය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන් එක් ප්‍රහාරයක් ඔහුගේ කොඳු ඇට පෙළ ආසන්නයට එල්ල වී ඇති බව ද සඳහන්ය.
ඒ අනුව පැය 2ත් – 05ත් අතර කාලයක ශල්‍යකර්මයකට ද සයිෆ් යොමු කර ඇති අතර මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතර හැරෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
අදාළ අවස්ථාවේ සයිෆ් අලී ඛාන්ගේ බිරිඳ වන බොලිවුඩ් නිළි කරීනා කපූර් හා දරුවන් දෙදෙනා ද නිවසේ සිට ඇති නමුත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැත.
පෙර පුවත්
බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම සිදුකර ඇති බව වාර්තා වේ. සිද්ධියේදී තුවාල ලැබූ සයිෆ් මේ වනවිට මුම්බායි රෝහලකට ඇතුළත් කර තිබේ.
සිදුවීම සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මකයි.
