පුංචි තිරයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක් තමයි දිලිනි ලක්මාලි තිරිමාන්න කියන්නේ.
ගොඩක් අය ඇයගේ දිගු වරලසට නම් බෙහෙවින් ආස කළා.
හැබැයි ඉතින් දිලිනි මේ වන විට ජීවත් වෙන්නේ නවසීලන්තයේ.
ඇගේ විවාහයෙන් පසු ඇයගේ හස්බන්ඩ් චරිත් වඩුගේ සමඟ නවසීලන්තයේ ස්ථිර පදිංචිට ගියා.
ඉතින් දිලිනි කියන විදියට චරිත් කියන්නේ දැන් ඇගේ හොඳම යහලුවාලු. හැම බිරිඳකටම යහලුවෙක් වගේ ආශ්‍රය කරන්න පුළුවන් සැමියෙක් ලැබෙන්නේ නැහැනේ.
ඔන්න ඇය තම හොඳම යහළුවා, තම සැමියා සමඟ ගෙවන ඇගේ ජීවිතෙන් මොහොතක් ගැන පසුගියදා facebook සටහනක් තබලා තිබුනා.
“හස්බන්ඩ් එක්ක අඩියක් ගහන්න හැම බිරිඳටම බැහැ”…. මං මේ වචනේ කිව්ව ගමන් සෑහෙන්න පිරිසක් ඇනුම්පද කියාගෙන එයි මට… මේ කියන දේ දන්න පිරිස දන්නවා ඒ මොහොත කොයි තරම් සුන්දරද රසවත් ද කියලා.. බයිට් ටිකක් හදලා දීලා එයා ළඟ ඉදන් ආස කරන ෆිල්ම් එකක් බලාගෙන, පොඩි ඕපදූපයක් කියවගෙන ඉන්නකොට තියෙන කාලය, ඒ මොහොත… සුන්දරයි…..
තමන්ගේ සැමියා තමන්ගේ හොඳ යහලුවා කරගත්ත බිරිඳකටත් වගේම තමන්ගේ බිරිඳ තමන්ගේ හොඳම යහලුවා කරගත්ත සැමියෙකුටත්.. මේ දේවල් පුදුම දේවල් නෙමෙයි


